FAST NEWS

24×7 Around the Globe

පා ගමනක් නිසා ලෝටස් පාර තාවකාලිකව වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් ‍‍‍‍| කොළඹ) – ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇත.

වැටුප් විෂමතාවන් සම්බන්ධ ගැටළුවලට විසඳුම් ලබා නොදීමට එරෙහිවයි මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇති අතර , මේ සදහා රණවිරු පවුල්වල සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් එක්ව සිටින බව ද වාර්තා වෙයි.