(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොරියානු ශ්‍රී‍්‍ර ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය භෙට (20) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙරට විශාලතම තාක්ෂණික අභ්‍යාස ආයතනය වන මෙය ඔරුගොඩවත්ත මංසන්ධියේ ස්ථාපනය කර ඇත.
මෙහි ඉදිකිරීම කටයුතු සඳහා ඇමරිකා ඩොලර් එක් කෝටි පහළොස් ලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් වැය තිබේ.
අති නවීණ තාක්ෂණික පාඨමාලා රැසක් මෙම ආයතනය මඟින් හදුන්වාදීමට නියමිත අතර එමඟින් නව ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කරන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දෙයි.
මෙය හැදෑරීමට ජාතික වෘත්තීය සුදුසුකම් වන NVQ සහතික ලබා තිබීම හෝ උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත්ව තිබීම සුදුසුකම් ලෙස සැලකේ.
තෝරාගැනීමේ පරීක්ෂණයකින් පසු සිසුන් පාඨමාලා සඳහා යොමු කෙරෙන අතර පූර්ණ කාලීන පාඨමාලා නොමිලේ පැවැත්වීම මෙහි විශේෂත්වයක් වේ.








