(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හෙට (20) පස්වරු 3.30 ට නැවත රැස්වීමට තීරණය කර තිබෙන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.
නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට දිනයේදී කැඳවා ඇති බවයි.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කලේ හිටපු පොලිස්පතිවරයෙකු වන එන්.කේ. ඉලංගකෝන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරියක වන පද්මසිරි ජයමාන්න යන මහත්වරුනුයි.








