(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුතු සංවිධානය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
85,000 කට අධික කාර්ය මණ්ඩලයකින් යුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටින බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු නොසලකා මෙම උසස්වීම් ලබාදීමට තීරණය කර තිබේ.
එම කාර්ය මණ්ඩලයේ බහුතරයක් වන පොලිස් කොස්තාපල්වරුන්ට පවත්නා පුරප්පාඩු නොසළකා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය හරහා පසුගිය මාර්තු මාසයේදී මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි.








