FAST NEWS

24×7 Around the Globe

අයිස් සහ හෑෂ් ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිවුස් | කොළඹ) – අයිස් නැමැති මත්ද්‍රව්‍ය 500gක් සහ හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය 4kg500gක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පමුණුගම පුබුදුගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 100 කට ආසන්නය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 31 යන වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

එම සැකකරුවන් පුබුදුගම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන රැදි සිට ඇති අතර මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ එම නිවසේ තිබි බවයි  පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ.