FAST NEWS

24×7 Around the Globe

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

(ෆාස්ට්නිව්ස්| කොළඹ) – සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැ බව කාලගුණ අංශය පවසයි.