FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතන නඩුවට අදාල ආනන්ද සමරසේකරට ලබන 28 අධිකරණය හමුවේ පෙනී සිටිමට නියෝග.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුවට අදාලව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

පසුගියදා නීතිපතිවරයා විසින් මීට අදාළව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොණුකරනු ලැබුවේය.

පසුගියදා (15) නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කර තිබුණේ නිදහස් සන්ධාන රජය පැවති 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිටදී සිදුවූ වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විමර්ශන අවසන් කර උදෘත ගොණු යොමු කරන ලෙසටයි.