FAST NEWS

24×7 Around the Globe

ජනපති ගමන් ගත් හෙලිකොප්ටරයේ සුළං පහරින් වෙළඳසැල් දෙකකට හානි සිදුවේ

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද (16) නාඋල යුධ හමුදා විශේෂ බලකා මුලස්ථානයේ පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රැගත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය ඉහලට එසවීමේදී ඒ ආසන්නයේ පිහිටි වෙළදසැල් දෙකකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

හෙලිකොප්ටරය ඉහළ නැංවෙනවාත් සමග පැමිණි දැඩි සුළං තත්ත්වය හේතුවෙන් සිය වෙළදසැල් වලට හානි සිදුවු බව වෙළද සැල්වල හිමිකරුවන් කියා සිටියි.

නාඋල මහජන ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි සංනිවේදන උපකරණ අළුත්වැඩියා කරන ස්ථානයක් හා සිල්ලර වෙළද සැලකට මෙම සිද්ධියෙන් හානි සිදු වී ඇත.