(ෆාස්ට් නිවුස් | කොළඹ) – ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමකට අද(16 ) අත්සන් තැබීමට නියමිතයි.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය, පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් පවසා සිටින ආකාරයට ඒ සඳහා වන සම්මුතියට අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබීමට නියමිතයි.
ඒ අනුව එම සම්මුතියෙන් අනතුරුව අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස හදුන්වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියෝය.








