FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක්….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් සහරාන්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා විසින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඇය ඊයේ මෙලෙස එම ප්‍රකාශය ලබාදී ඇත්තේ මරාගෙන මැරුණු සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවැත්වූ අවස්ථාවේදීයි.

පැය දෙකකට ආසන්න කාලයක් ඇය එම ප්‍රකාශය ලබාදී තිබෙන අතර මෙම සාක්ෂි විභාගයේදී අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නමැත්තියගේ සිව් හැවිරිදි දියණිය වන රුහයියා සහරාන්ගෙන්ද සාක්ෂි සටහන් කර ගැණුනු බව වාර්තා වෙයි.

මීට අමතරව, මරාගෙන මැරුණු අනිත් බෝම්බකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා හා සහෝදරයින් දෙදෙනාගෙන්ද අධිකරණයේදී සාක්ෂි විමසා ඇති බවට අදාළ වාර්තාවල වැඩිදුරටත් සදහන්.