FAST NEWS

24×7 Around the Globe

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් මාලාවක් සහිත ලිපියක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තමා ලබාදෙන උපදෙස්වලට තදින් අනුකූල වන ලෙසට පොලීසියේ සියලුම අංශ දැනුවත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.

මේ අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු බරපතල ඝණයේ නඩු පහකට අදාළව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටී.