FAST NEWS

24×7 Around the Globe

සහරාන් සමග පුහුණුව ලැබූ තිදෙනෙක් අම්පාරෙන් අල්ලයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරුවන් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයින් ලෙස ද කටයුතු කර ඇති බව අනාවරණ වී තිබේ.

ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු නුවරඑළිය කදවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කදවුරේත් පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.