FAST NEWS

24×7 Around the Globe

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 දෙදින තුළ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ඨත්වය” යන තේමාව යටතේ 09 වන වරටත් මෙවර සමුළුව පැවැත්වෙන බවයි යුද හමුදා මූලස්ථානය සදහන් කළේය.

දේශීය සහ ජාත්‍යන්තර ආරක්ෂක විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිත අතර මෙහිදී ආරක්ෂාව පිළිබඳ හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනීමට නියමිතයි.

ජාතික, කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාල ජාතික හා ජාත්‍යන්තර තලයේ විසදුම් කොළඹ ආරක්ෂක සමුළුවේදී සාකච්ඡාවට බදුන් වන බවත් යුද හමුදා මූලස්ථානය සදහන් කළේය.