(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 80 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
එම කාර්යාලය සඳහන් කළේ පසුගිය මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇති අතර මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 8717 ක් බවයි .








