(ෆාස්ට් නිවුස් | කොළඹ) – පෞද්ගලික විදුලි උත්පාදන ආයතනයක සිදුවූ අනතුරකින් ඉන්දීය ජාතික ටර්බයින ඉංජිනේරු උපදේශකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත .
රිදීමාලියද්ද – ලොග්ගල්ලාඔය ප්‍රදේශයේ දී ඊයේ(14) පස්වරුවේ අදාළ ආයතනයට අලූතින් ගෙන ආ ටර්බයිනයක් සවිකිරීමට යාමේදී ඔහු අඩි 15 ක පමණ උසකින් ඇද වැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ – බැංගලෝරයේ පදිංචිව සිටි 55 හැවිරිදි වෙංකට් රාමයියා රෙඩිප්පා නැමති ඉන්දීය ජාතිකයෙකි.
මොහු අදාළ පෞද්ගලික විදුලි උත්පාදන ආයතනයේ සේවයට පැමිණ ඇත්තේ මෙම වසරේ ජූනි මස 16 වනදාය.
අනතුර සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.








