(ෆාස්ට් නිවුස් | කොළඹ) – රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ඒ සබන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බවයි.
මේ අතර ධීවර කටයුතු සඳහා මුහුදු යාම තවදුරටත් අවදානම් බව ධීවර දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.








