(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙන බව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
සාක්ෂි විමසීම් කටයුතු අවසන් අධියරට පැමිණ ඇති බැවින් අතුරු වාර්තාවක් සකස් කිරිමේ අවශ්‍යතාවක් මතු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ලබන 23 වනදායින් අවසන් වීමට නියමිතව ඇති තේරීම් කාරක සභාවේ කාලය තවත් මාසයකින් දීර්ඝ කර ගැනීමට කතානායකවරයාට යෝජනා කිරිමේ මුලික අරමුණ බවයි.
මිට අමතරව, ජනාධිපතිවරයා තේරීම් කාරක සභාවට කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ලබන 20 වනදා තේරීම් කාරක සභාව රැස්වන්නේද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය කතානායක වැඩිදුරටත් පැවසුවේය.








