FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අද(15) දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කර පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් 2015 – 2018 රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට අද (15) කැඳවා තිබේ.

මිට අමතරව, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුව ඇති දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිද කොමිසම හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.