FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අදින් ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පැවති මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු අදින් ආරම්භ වේ.

අද (15) සිට ලබන 20 වනදා තෙක් පිළිතුරු පත් ඇගයිමේ කටයුතු පැවැත්වෙන අතර , ඒ සඳහා පාසල් 39 ක් යොදා ගැනීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේය.

ඇගයීම් මණ්ඩල 436 ක් යටතේ සිදුකෙරෙන ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 ක් එක්වීමට නියමිතව ඇත.