FAST NEWS

24×7 Around the Globe

සැප්තැම්බර් මස 13, 14 දෙදින පුරා දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වන අලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි අලි සමීක්ෂණයක් සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.

මෙම සමීක්ෂණය ස්ථාන 2229දී සමීක්ෂකයින් 7316ක් යොදාගෙන ය සිදු කිරීමට නියමිතය.

2011 වසරේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.

මෙම සමීක්ෂණය සඳහා බාහිර පුද්ගලයන් සහභාගී කර ගැනීමටද එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවත් ඒ අනුව 011-2888585 දුරකතන අංකය අමතා සමීක්ෂකයෙක් ලෙස ලියාපදිංචි විය හැකි බවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.