FAST NEWS

24×7 Around the Globe

UN විශේෂ වාර්තාකරු අහමඞ් ෂාහිඩ් හෙට (15) දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු අහමඞ් ෂාහිඩ් නිළ සංචාරයක් සඳහා හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිවේදනය කළේ මේ මස 26 වන දක්වා මෙරට රැඳී සිටින ඔහු අදාළ කාලය තුළ ආණ්ඩුවේ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයින් හමුවන බවයි.

මොහු සිය මූලික නිරීක්ෂණ ලබන 26 වනදා කොළඹදී පවත්වන මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරනු ඇති අතර ඔහු සිය නිගමන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව, 2020 වසරේ මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.