FAST NEWS

24×7 Around the Globe

2020 සදහා අතුරු සම්මත ගිණුමකට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් |කොළඹ ) – 2020 වර්ෂයේ මුල් මාස 04 ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ති⁣බේ.

මේ වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව වී ඇති බවත් සඳහන්.

2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂය මුල් මාස 04 ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් මෙම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.