(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (13) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් භාර දෙනු ලැබුවේය.
එහි පිටපත් ඉන් පසුව පොලිස්පතිවරයාට සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දීමටද උන්වහන්සේ කටයුතු කර ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මේ වන විට රැඳවුම් නියෝග ලබා සිටියි.








