FAST NEWS

24×7 Around the Globe

නුවරඑළිය දිස්ත්‍රික්කයට නාය යෑමේ අවදානමක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

එමෙන්ම, වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, මාතර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මිලිමීටර් 75 ත් 100ත් අතර තද වර්ශාපතනයක් අපේක්ෂා කළ හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනුයේ ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශවල කඳුකර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අවධානම පවතින බවයි.