FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් 33,000 කට වැඩි පිරිසක් උසස්වීම් ඉල්ලයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් නිලධාරීන් 33, 000 කට වැඩි ප්‍රමාණයක් වසර 10ක් පුරා උසස්වීම් නොලැබීම හේතුවෙන් එම තනතුරුවලම රැදී සිටින බව ජාතික පොලිස් කොමිසම පවසයි.

පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා තනතුරුවල සිටින නිලධාරීන් මෙලෙස උසස්වීම් නොලැබීම නිසා දීර්ඝ කාලයක් එම තනතුරේම සිටින බවයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ.

මෙම පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවට පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් උසස් පොලිස් නිලධාරීන් ඒ සඳහා කිසිඳු පියවරක් ගෙන නොමැති බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය සහිතව එම උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ද එම කොමිසම සදහන් කරයි.

පොලිස් කොස්තාපල් තනතුරේ වසර 10 කට අධික කාලයක් රැඳී සිටින 18000 ක් ද , පොලිස් සැරයන් තනතුරේ වසර 10 කට අධික කාලයක් තිස්සේ රැඳී සිටින 3700 ක්ද ,වසර 10 කට අධික කාලයක් රැඳී සිටින උප පොලිස් පරීක්ෂකවරුන් 1998 ක්ද , වසර 10 කට අධික කාලයක් තිස්සේ එකම තනතුරේ සිටින පොලිස් පරීක්ෂකවරුන් පිරිසක්ද මේ අතර වන බව වාර්තා වෙයි.