FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගමන් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍රයක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලංක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටීන ආකාරයට මේ වසර තුළ දුම්රිය සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍රයක් හදුන්වා දීමට නියමිතව ඇත.

වැඩපිළිවෙල ආකාර 04 කින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම ක්‍රමවලට හුරුවනතුරු සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ද ක්‍රියාත්මක කෙරේ.

කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මරදානේ සිට නුගේගොඩ දක්වා කණු මත යන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකෙරේ.

මේ වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කරන අතර දුම්රිය මගි තදබදය අවම කිරීම සදහා මරදාන හා කොටුව අතර ඇති දුම්රිය මාර්ග සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ නැංවේ.

පොල්ගහවෙල කුරුණෑගල මාර්ගය සඳහා විද්‍යුත් සංඥා ක්‍රමයක් හදුන්වා දෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.