(ෆාස්ට්නිව්ස් |කොළඹ) – මේ අවස්ථාවේ තමන්ට කිසිවක් ප්රකාශ කළ නොහැකි බව කුමාර වෙල්ගම මන්ත්රීවරයා පවසයි.
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුගේ නමද යෝජනා වී තිබීම ඊට හේතුව බව මන්ත්රීවරයා කියා සිටී.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් ඊයේ නම් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අප මන්ත්රීවරයාගෙන් විමසා සිටියේය
මෙම අවස්ථාවේදී කිසිදු ප්රකාශයක් තමන්ට ලබාදිය නොහැකි බව මන්ත්රීවරයා එහිදී පැවසුවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බැවින් තමන් ඉදිරියට පක්ෂයේ තීන්දුව අනුව කටයුතු කරන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.








