FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණය ඉලක්ක කරමින් පොහොට්ටුවේ ප්‍රචාරක වැඩසටහන් ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අද (12) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරක වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඊයේ (11) දිනයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට යෝජනා වූ අතර , ඒ අනුව අද පස්වරුවේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස අනුරාධපුර – රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමට නියමිතය.

ඊට අමතරව අද රාත්‍රී 7.00 ට එම ස්ථානයේම විශේෂ ආශිර්වාද පිංකමක් පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමීව පිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අතර, එහිදි එම පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබීය.