FAST NEWS

24×7 Around the Globe

කොම්පඤ් වීදියේ පුද්ගල ඝාතනයක්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – කොම්පඤ් වීදිය පොලිස් වසමේ, මුත්තයියාපාර, කොළඹ 2 යන ප්‍රදේශයේ දී පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද(12) අළුයම පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇත.

පහර දීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොල්ලුපිටියේ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේ දී මෙම පුද්ගලයා මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු හල්කඳවල, රාගලවෙල, පායාගල ලිපිනයේ පදිංචි නිමල් අනගි අත්තගේ යන අයෙකි.

මරණකරු කොම්පඤ්ඤ වීදියේ ස්ටැපල් වීදියේ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක කළමනාකරු වශයෙන් සේවය කළ අයෙකි.

ඔහු තම මිතුරිය සමඟ මෝදර ප්‍රදේශයේ සිට මධ්‍යම රාත්‍රීයේ ත්‍රීරෝද රථයකින් ඉහත ස්ටැපල් වීදියේ රූපලාවන්‍යාගාරය අසලට පැමිණ සිටිය දී එම ස්ථානයෙන් ගමන් කළ තරුණයින් 5 දෙනෙකු විසින් මරණකරු සමඟ පැමිණි ඔහුගේ මිතුරියට උසුළු විසුළු කර ඇත.

එහිදී ඇති වු ආරවුලක්  මත අදාළ තරුණයින් 5 දෙනා විසින් මොහුට පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

පහර දීම සිදුකල සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් 17 හා 24 යන වයස් වල පසුවන කොම්පඤ්ඤ වීදිය , පොල්ගස්ඕවිට හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.