(ෆාස්ට්නිව්ස්| බදුල්ල) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද(12) බදුල්ලේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
අද පස්වරු 04.00ට බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාපිටියේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිත අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ අපේක්ෂකයා ලෙස පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම අද දිනයේ අරමුණ බවයි.
ලොකු ශක්තියක් පෙන්විය හැකි දිනයක් ලෙස අද දිනය තුළ ලංකාවේම රැල්ල නිර්මාණය වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා එජාප පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ඒම සඳහා පළමු වෙඩිමුරය අද තබන බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී පැවසීය.








