FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වී තිබේ.

අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපළේ  ගුවන් ගමන් අත්හිටුවීමට පසුගිය 09 වනදා ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරන එම ගුවන් යානය අද පෙරවරු 9.10 ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.