FAST NEWS

24×7 Around the Globe

මාස හතට ඩෙංගු මදුරුවා ජීවිත 55 ක් බිලි ගනී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 යි දින 11 තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන බවත්, මෙම කාලය තුළදී දිවයිනෙන්ම ඩෙංගු මරණ 55 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවලින් බවත්, එය 45 % ප‍්‍රමාණයක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය අවධාරණය කළාය.

පසුගිය වසරේ  දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තාවූ බවත්, එම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 58 ක් වාර්තාවූ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.