FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ පළාත් කිහිපයකට අකුණු සහිත වැසි සහ සුළං

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකිය .

වයඹ, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද , උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වාද ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.