(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිලාවේලි මුහුදු තීරයේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙකු ඊයේ (10) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුච්චවේලි පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 20ක් සහ 16ක් පමණ වන තරුණයන් දෙදෙනෙක් බවයි.
කෙසේ නමුත් එම තරුණයන් දෙදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.








