FAST NEWS

24×7 Around the Globe

තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් අධිකාරීවරයෙකු ඇතුලූ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරීවරුන් හත්දෙනෙකුද, ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් ඊට ඇතුළත් වන බවයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව එමඟින් වැඩිදුරටත් සඳහන් කළේය.