(ෆාස්ට්නිව්ස් |හලාවත) – හලාවත ,ඉරණවිල පිහිටි Voice of America හෙවත් ‘ඇමරිකන් හඬ’ සම්ප්‍රේෂණාගාරයේ තිබූ තඹ කම්බි තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආර්ථික කටයුතු අමාත්‍යාංශය කල පැමිණිල්ලක් අනුව හලාවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වී.ජී.රත්නසිරි මහතා විසින් මෙම පැමිණිල්ල කර තිබුණි.
Voice of America සම්ප්‍රේෂණාගාරය මේ වනවිට ඉරණවිල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, එම භූමියේ තිබූ උපකරණ රැසක්ද මෙවන් විට ගලවා ඉවත් කර ඇත.
මෙහිදී සොරකම් කර ඇති තඹ කම්බිවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.








