FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු 04 දෙනා යළි රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු සිව් දෙනා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග ලැබුණි.

යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල මෙන්ම රක්නාලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීරද අත්අඩංගුවට මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර , දැනට රෝහල් ගතව සිටින පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී නියෝග කෙරුණේ.