(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු සහරාන් ඇතුලු මෙයට සම්බන්ධ පුද්ගලයන්ගේ රුපියල් කෝටි 100ක දේපළ සහ රුපියල් කෝටි 13ක මුදල් අත්හිටුවා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට 63 දෙනකු එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතරින් 13 දෙනකු පමණ ප්‍රබල සැකකරුවන් බව ශානි අබේසේකර මහතා කියා සිටියේය.








