(ෆාස්ට් නිවුස් | කොළඹ) – බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 1000කට වැඩි සංඛ්‍යාවක් පවතින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රාථමික, දෙමළ මාධ්‍ය මෙන්ම කලා විෂයන් ඉගැන්වීම සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත යි .
එම පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම මේ මාසය ඇතුළත සිදු කරන බව එම කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය .
පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
විභායෙන් සමත් වූවන්ගේ ලේඛනයක් මේ වන විට නිකුත් කර ඇති අතර එම ලේඛනයට අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා ඔවුන් කැඳවීම ලබන සතියේ සිදු කරන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.








