(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්රීවරුන් තීරණය කර ඇත.
මෙහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කළේය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව ආරම්භ වන බවයි ඔහු කියා සිටියේ.
මීට අමතරව , අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් රජයේ මැති ඇමතිවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක සඳහා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බවද වාර්තා වෙයි.








