FAST NEWS

24×7 Around the Globe

මාකඳුරේ මධූෂ්ව ඇප මත මුදාහරින්නැයි ඉල්ලීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ් ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥවරයා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මාකදුරේ මධූෂ්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවදායකයා දින 90 කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින බවත් , එය නීතිවිරෝධී බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසටත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඩුබායි අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධූෂ් පසුගිය මැයි මස 05 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ඔහු දින 90 කට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගත්තා