(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගණිතය විෂය සෑම පාසල් දරුවෙකුගේම ප්‍රියතම විෂය බවට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ගණිත සංකල්ප එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික අවස්ථා සමග සම්බන්ධ කරමින් සිසුන්ට සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි ක්‍රියාකාරකම් මගින් අවබෝධ කිරිමට මෙමගින් පියවර ගනු ඇත.
ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත විෂය සමත්වීමේ ප්‍රතිශතය 68 % ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය තවදුරටත් වර්ධනය කිරීමට මෙමගින් අපේක්ෂා කෙරෙනවා.








