FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ල බුදු පිළිමවලට හානි කෙරු සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 15 දෙනා  මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙන්නේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි.

එමෙන්ම, යළි නඩුව කැඳවන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ මුදල් සහ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව නියෝග කළේය.