(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.
විභාග නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් අදාළ පීඨය සති කිහිපයක සිට වසා දමා ඇත.
එහි පවතින ගැටලු පිළිබදව විමර්ශනය කර ඒ පිළිබද වාර්තාවක් සතියක් ඇතුළත ඔවුන් විසින් උපකුලපතිවරයාට ලබාදෙනු ඇති බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය ඒකකය පවසා සිටී.








