FAST NEWS

24×7 Around the Globe

සජින් වාස්ට එරෙහිව නීතිපති විසින් මහාධිකරණයේ අධි චෝදනා ගොනුකරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල සමයේ මුදල් විශුද්ධිකරණ පණත කඩකරමින් අයුතු ලෙස රුපියල් තිස් කෝටි 62 ලක්ෂයකට අධික මුදලක් උපයාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට පෙර ඔහු විසින් හිමිකාරීත්වය දැරූ සමාගම් හරහා මෙම මුදල් ඔහුගේ ගිණුම් වෙත බැර කරගෙන ඇති බවටද සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.