FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක අඩාල වී ඇති විදුලිබල සැපයුම යථාතත්වයට පත් කිරීමට කඩිනමින් පියවර

 

(ෆාස්ට් නිව්ස් ‌| කොළඹ ) – වර්ෂාවත් සමග හමාගිය තද සුළං හේතුවෙන් අර්ධ විදුලි රැහැන්වලට ගස් කඩා වැටීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය

එවැනි විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබෙන්නේ දෙහිවල, මාලඹේ, හෝමාගම, කොස්ගම, පුත්තලම, නිකවැරටිය සහ දඹුල්ල යන ප්‍රදේශවලිනි.

බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.