FAST NEWS

24×7 Around the Globe

බදුලුපිටිය ප්‍රදේශයේ හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) උදෑසන 5.30 ට පමණ බදුලුපිටිය ප්‍රදේශයේ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත්ව තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 660 ක් තිබු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිලිබඳ බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.