(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2015 / 2018 වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් හා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (08)මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමට නියමිතයි.
ඒ වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරුවක් සිදුකිරීම සඳහායි.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ එහි වී ගබඩා කිරීම හේතුවෙන් විදුලි පද්ධතියට, වායු සමීකරණ පද්ධතියට මෙන්ම ගුවන් පථය පෙන්වා දෙන විදුලි ආලෝක පද්ධතියටද හානි සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් සිදුවූ හානිය සහ පාඩුව තක්සේරු කිරීම සඳහා ඔවුන් මෙලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමට නියමිතයි.








