FAST NEWS

24×7 Around the Globe

ගම්පහ මහරෝහලේ ශල්‍යාගාර හයම වසා දැමෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය යළිත් වරක් අක්‍රිය වීමෙන් එහි ශල්‍යාගාර 06 ම වසා දමා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් විශාල පිරිසකට ශල්‍යකර්ම කිරීම නවතා දැමීමට සිදුව ඇති බව එහි ගම්පහ ශාඛාවේ උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් කියා සිටියේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කඩිනමින් යළි ශල්‍යාගාර කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් , අවශ්‍ය වායු සමීකරණ පද්ධතිය ඉදිරියේදී ලැබෙන බවත්ය.