FAST NEWS

24×7 Around the Globe

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (update)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බාධා මතුව තිබු කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වය පත්කර තිඛෙනවා.

…………………………………………………………………………………………………………………………………………………………………………………….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීම නිසා මෙම අවහිර වීම් සිදුවී ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයට ගස් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති අතර , මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ අතර උතුර, උතුරු මැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට වැඩිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.